Delicious Cooking Recipes for Every Occasion

ඔන්න හැදුව බිලිං! 😃

තව ටිකක් හීනි ගින්දරේ හිඳෙන්න තියල තිබුණේ.ෆොටෝ ගත්තෙ ඊට කලින්. 😁
එහෙම හිඳුණම ෆ්රිජ් එකේ තියන්නෙ නැතුව දවසක් දෙකක් තියා ගන්න පුළුවන්. හැබැයි ඕව දවස් ගණන් තියෙන්නේ නම් නෑ. 😅😅
කවදාවත් බිලිං හදල තිබුණේ නෑ, හැබැයි පට්ට රහට ආවනෙ.
ඔය අනිත් එක කොස් මැල්ලුම්. හම්මේ ඉතිං ආසම එව්වා, මෙව්වා. 😁
සුදු බත්, චිකන්, පරිප්පු, තක්කාලි සම්බල් මේ දෙක එක්ක හැදුව.👌👌
මං කවදත්, උයල ඉවර වෙලා, මං උයපුවා අනුභව කරල ” අඩේ මං හදන කෑම මාරම රහයිනෙ..!” කියල මංම ඒක රස විඳින ජාතියෙ කෙනෙක්. 😁😅😅🤗
එහෙමනෙ ඉන්න ඕන