කව්පි උයල හරිම රසයි,
රතු කව්පි තම්බලා පොල්, ලුණු මිරිස් එක්කයි හොඳ. හැබැයි සුදු කව්පි උයලා කන්නයි මං ආස 
හා එහෙම ද ආස..? අහවි දැන් ඔන්න.
දකුණෙ සමහර ජාති උයද්දී උයද්දී අමු තුනපහ හීනි වෙන්න ගලේ අඹරලයි ගන්නේ.
පොල් චුට්ටක්, රතුලූනු ගෙඩි දෙක තුනක්, සුදු ලූණු, ගම්මිරිස් ඇට කිහිපයක්, අබ, සුදුරු කොත්තමල්ලි, කුරුඳු පොතු චුට්ටක් මේවා අඹරන්න ඕන. සුවඳේ බෑ ඉතිං 
ඒ එක්කම මිරිස් කුඩු, කහ කුඩු, ලුණු එක් කරන්න ඕනෙ. අමු මිරිස් කරලක් හීනියට කපල, කරපිංචා එහෙම දාල තෙල් චුට්ටක් රත් කරලයි මං මේක ලිපේ තියන්නේ. මැටි භාජනේක හෙමින් හිඳෙන්න තියනව, පොල් කිරි දාල. කලින් දා රෑ කව්පි පෙඟෙන්න දියේ දාල තියල, සෝදලා වතුර බේරලානෙ උයන්න ගන්නේ. ඒ නිසා පොල් කිරි වලින්ම උයන්න පුළුවන්, දියකිරි දාන්න ඕනේ නෑ.
මං මේ කිව්වේ මම හදන එක විදිහක්. වෙනස් ක්රම ඇති තව රහට හදන්න පුළුවන්.
කොහොම හැදුවත් රහයි කව්පි මට නම්!
